මා දුටු සිත්තම්

Monday, May 29, 2017

ස්මාර්ට් වහල්ලූ



වර්තමානයේ අප ජීවත්වන්නේ තාක්ෂණික වශයෙන් දියුණුවෙමින් පවතින ලෝකයකයි. එම දියුණුව ඔස්සේ ලොව ගමන් කරන දිශාවටම අපද තාක්ෂණික මෙවලම් බවට පත්වී හමාරයි. තාක්ෂණයට පිටතින් සිතන්නට හෝ සාමාන්‍ය පුද්ගල හැසිරීම්වලින් හෝ ඈත්ව මවාගත් ලෝකයක ජීවත්වන අප තාක්ෂණය මුවාවෙන් හුදකලා පුද්ගලයන් බවට පත්වීම කණස්සල්ලට කරුණකි. තාක්ෂණය කෙතරම් දියුණුවුවද එහි වහලූන් නොවී තාක්ෂණයේ ඵල නෙලාගන්නේ නම් එය වඩාත් සාර්ථක බව කිව යුතුමයි. එම නිසා අන්තර් සබඳතා පවත්වා ගනිමින් සාමාන්‍ය සමාජය තුළ ප‍්‍රකෘත මනසක් සහිත පුද්ගලයෙකු බවට පත්වන්නේ කෙසේදැයි අප කතිකා කරමු.

මේ වනවිට ජංගම දුරකථනයක් අතේ නොරැුඳුනු කෙනෙක් සොයාගැනීමට අපහසුයි. එසේත් නැතිනම් බොහෝ පිරිසක් පරිගණක භාවිත කිරීම දැකගත හැකියි. අධික කාර්යබහුල වටපිටාව මත කාර්යාල වේලාවේදී අධික පීඩනයට ලක්වන පුද්ගලයා කාර්යාල වේලාව නිමවා නිවසට යන අතරතුරද ස්මාර්ට් දුරකතනයට මුහුණහෙලා සිටීමේ ප‍්‍රවණතාවය සුලභව දැකිය හැකියි. එමෙන්ම නිවසට ගිය පසුද රූපවාහිනී ගුවන්විදුලි, දෙස දෑස් යොමා සිටිනවා විනා පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් විමසීමටවත් කාලයක් අපට නැති බව සැබෑය. තාක්ෂණික දියුණුවත් සමඟ අන්තර්ජාල භාවිතයේ ලොව  ඕනෑම ස්ථානයක සිටියත් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිවීම, තොරතුරු ලබා ගැනීමේ කාර්යක්ෂම බව වැඩි වීම, තනි පදුගලයෙකුට වුවද සන්නිවේදකයකු විය හැකිවීම, එකවර විශාල ජනතාවටකට තම අදහස් හුවමාරු කිරීමට හැකිවීම, බහුජන මාධ්‍ය සමඟ සම්බන්ධ විය හැකිවීම, ක්ෂණික ප‍්‍රතිචාර ලැබීම, අවශ්‍ය භාෂාවෙන් තොරතුරු ලබාගැනීමට හැකිවීම, වැනි වාසි රැුසක් හිමිවී ඇත. කෙතරම් ප‍්‍රායෝජන තිබුණද ප‍්‍රතිලාබ ලැබුණද එය හා සම්බන්ධ තාක්ෂණික වටපිටාව පිළිබඳව අපට ඇත්තේද අල්ප දැනුමකි. 

ස්වභාවිකව සිදුවන හෝ කෘතිමව යම් විද්‍යුත් චුම්භක ක‍්‍රියාවලියක් ලෙස ශක්තිය කිරණ ලෙස ලැබීම සිදුවේ. එය හැදින්වෙන්නේ විද්‍යුත් චුම්භක විකිරණ ලෙසයි. සංඛ්‍යාත අඩු රේඩියෝ තරංගවල සිට ඉහළ ඇති ගැමා තරංග දක්වා මේ විද්‍යුත් චුම්භක ක‍්‍රියාවලිය විහිදේ. රෝඩියෝ තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත විකිරණ ආලෝකය, පාරජමුබුල කිරණ, ඞ කිරණ වශයෙන් මේවා වර්ගීකරණය කෙරේ. සූර්යාගේ සිට පොළවට ශක්තිය සම්බන්ධ වන්නේ විද්‍යුත් චුම්භක කිරණ මගිනි. ප‍්‍රධාන වශයෙන් අධෝරක්ත කිරණ දෘෂ්‍ය ආලෝකය සහ පාරජම්බුල කිරණ සූර්යාගෙන් නිකුත් වේ. එය අයත් වන්නේ ස්වභාවික කිරණ වලටය. වර්තමාන ලෝකයේ මිනිසා මේ සෑම සංඛ්‍යාතයකටම අයත් විද්‍යුත් චුම්භක තරංග කෘතිමව නිපද වීමට සමත් වී ඇත. මේවා කෘතිම විකිරණ ගණයට අයත් වේ. මීට පෙර කතිකා කළ ජංගම දුරකථන සම්බන්ධ සේවාවන්ට යොදා ඇත්තේ ද මෙම කෘතිම රේඩියෝ සහ ක්ෂුද්‍ර තරංගයි. බහුලවම අප විද්‍යුත් චුම්භක විකිරණයන්ට නිරාවරණය වන ක‍්‍රම සහ ඒවායේ සෞඛ්‍ය බලපෑම පිළිබඳව විමසා බැලීමද වඩාත් යෝග්‍ය වේ. 

ජංගම දුරකථන භාවිතයේදී සන්නිවේදන කුලූණු හා සම්බන්ධ වීමේදී නිකුත් කෙරෙන රේඩියෝ තරංගවලට නිරාවරණය වීම සිදුවේ. මේ හා සම්බන්ධ කළ පර්යේෂණවලින් හෙලිවන්නේ මේවා නිසා මොළයේ පිළිකා ඇති වීම හා පිළිකා ෙසෙල වර්ධනය වේගය වැඩිවීම, හිසරදය, මතක ශක්තිය අඩුවීම, ස්නායු ආබාධ, රුධිර පීඩනය අඩුවීම, ආදිය සිදුවන බවයි. අධිකව අන්තර්ජාලයට ඇබ්බැහිවීම මත ‘‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’’ නමැති රෝගය ඇතිවීම සිදුවේ. එමෙන්ම පරිගණක සහ රූපවාහිනී භාවිතයේදී පරිගණක හා රූපවාහිනී තිරවලින් යම් ප‍්‍රමාණයක ඞ කිරණ සහ අනෙකුත් විකිරණ නිකුත් වේ.  කැතෝඩ කිරණ නල සහිතව නිපදවන ලද ඒවායෙහි මෙය තවදුරටත් වැඩි අතර ඛක්‍ෘ හෝ ඛෑෘ තරවල සාපේක්ෂව අඩුය. දීර්ඝකාලීනව ඒවා භාවිතයේදී පිළිකා ඇතිවීම සහ ප‍්‍රතිශක්තිකරණ හැකියාව අඩුවීම සිදුවිය හැකිය.

මෙවැනි බලපෑම්වලින් ඉවත් වීමට ජංගම දුරකථන භාවිතයේදී දීර්ඝවේලා කතා කිරීමෙන් වැලකීම, හෑන්ඞ්ස් ෆ‍්‍රී භාවිත කිරීම, සංඥා අඩු ප‍්‍රදේශවලදී දුරකථන භාවිත නොකිරීම, අනවශ්‍ය වේලාවන්හිදී උස-ත්‍සල ඊකමැඑදදඑය සේවාවන් අක‍්‍රීය කර තැබීම, සිදුකළ හැකියි.
වර්තමානය වන විට වඩාත්ම ප‍්‍රබල සමාජ උපද්‍රවය වන්නේ ස්මාර්ට් දුරකථන තුළ වහල්ලූ බවට පත්වීමට බාල පරම්පරාව මෙන්ම තරුණ, වැඩිහිටි පරම්පරාද සමත් වී තිබීමය. සමාජජාලා වැඩි වශයෙන් ව්‍යාප්තියක් සමඟ එම තත්ත්වය වඩාත් වැඩි වී ඇත. එමෙන්ම මුහුණට මුහුණලා සිටියද එස්.එම්.එස් සංස්කෘතියකින් එකිනෙකා අතර සබඳතා තබා ගැනීමද වඩාත් කණගාටුදායක කරුණකි. එමෙන්ම හිස බිමට තබා ගනිමින් හුදෙකලා වන්නට සමත්වන පුද්ගලයා මේවන විට ජීවත් වන්නේ ස්මාර්ට් ලෝකයක් තුළයි. එය යථාර්ථය නොවන බව වැටහෙන්නේ ස්මාර්ට් ලෝකය තුළ පවතින ආකර්ෂණීය බව නිසාමය. ස්මාර්ට් දුරකථන වලට සහ අන්තර්ජාලයට ඇබ්බැහි වූ තරුණ පරම්පරාව ගිල ගන්නා නව සෞඛ්‍ය අබාධ ලෙස, දෘෂ්‍ය අබාධ, වියළි ඇස්, හිසරදය, ආදී තත්ත්ව දැකගත හැකිය. එමෙන්ම සිතීමට පවා උත්සහා නොකරන තරමටම පුද්ගලයන් ස්මාර්ට් දුරකථනවලට ලොල් වී ඇත. මීට අමතරව පුද්ගලයන්ගේ පෞරුෂය පවා දුරකථනය මත රඳා පවති.

සෞඛ්‍ය බලපෑම්වලට අමතරව පුද්ගලයාගේ දෛනික න්‍යාය පත‍්‍රය පවා වෙනසකට ලක් කරවීමට ස්මාර්ට් දුරකථනය සමත් වී ඇත. කාලය අනවශ්‍ය පරිදි වැය කරවීම, සාර අපේක්ෂා යටපත් කරමින් නිස්සාර අපේක්ෂා ඉස්මතු කරවීම, ලිංගිකත්වයඉස්මතු කිරීම, ආර්ථික තත්ත්වයට බාධා ඇති කරවීම වැනි බොහෝ අවාසි සහගත තත්ත්ව ස්මාර්ට් දුරකථන වලට ඇබ්බැහි වීම මත සිදුවේ. එසේම ප‍්‍රධාන වශයෙන්ම පවුල් සංස්ථාව තුළ පවතින සබඳතා බිඳ වැටීමෙන් සමගිය, සහජීවනයට පවා විශාල බලපෑමක් මේතුළින් එල්ල වී ඇත. එම නිසා තාක්ෂණය හිනිපෙත්තටම ඉහළ ගියද මානව සබඳතා සිටිතැනින් තවත් පහළට වැටෙන්නට නොදීම අප සතු වගකීමක් මෙන්ම යුතුකමක්.තාක්ෂණයේ උපරිමත්වයද වි`ද ගනිමින් සමාජ සබ`දතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් උසස් චින්තනයක් සජාත මිනිසුන් බිහි කර ගැනීමටත් එතුලින් සාර්ථක සමාජයක් නිර්මාණය කර ගැනීමටත් හැකියාව ලැබේවි.
                                                       -නිර්මාණී කොළඹගේ-

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...