මා දුටු සිත්තම්

Sunday, May 28, 2017

තොරතුරු දැන ගැනීමේ පනතක් අවශ්‍ය ඇයි ? 



 

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමත් සමඟම ශ්‍රී ලංකාව පුරා තොරතුරු හුවමාරුවීම, තොරතුරු දැනගැනීම ආදී මාතෘකා රැුසක් පිළිබඳව අවධානය යොමු කිරීමට පටන්ගෙන අවසන්. එවන් උණුසුම් වාතාවරණයක් පවතින මොහොතක ශ්‍රී ලාංකීක පුරවැසියෙකු ලෙස තොරතුරු විනිවිද භාවයකින් යුතුව දැනගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? එහි වැදගත්කම කුමක්ද? යන කරුණු රාශියකින් ඔබව දැනුවත් කිරීමට තීරණය කළා.


තොරතුරු දැනගැනීමට කිසියම් හලනයක් හෝ පෙරීමක් අවශ්‍යද? යන්න සමාජය තුළ කතිතාවට බඳුන් විය යුතුම කරුණකි. ‘‘ජන සන්නිවේදන’’ හෙවත් ‘‘බහු ජන ඥාණය’’ මාධ්‍ය යන්නෙන් අදහස් කෙරෙනුයේ විශාල ජන කණ්ඩායමක් කරා අදහස් හා තොරතුරු සම්පේ‍්‍රෂණය කිරීමයි. මෙය පැහැදිලිවම අදින් සියවස් දෙකකට හෝ තුනකට වඩා ඈතට නොයන සමාජ ඉතිහාසයකට නෑකම් කියන්නකි. මධ්‍යන්හි හා ඒ හා සම්බන්ධ ආයතනයන්හි වර්ධනය කාර්මික සමාජයන්හි වර්ධනයට සමගාමීව සිදුවූවකි. ඊට පෙර පුද්ගලාන්තර සම්බන්ධමය හා සමූහ හෙවත් කුඩා කණ්ඩායම් වශයෙන් සීමා සහිත වූ මානව සන්නිවේදන ජන හෙවත් බහු ජන විඥාපණ කාර්යයන් බවට පත්වීම සංවිහිත සමාජයන්ය හෙවත් නූතන ජාතික රාජ්‍යන්හි ආරම්භය හා බැඳී පවතී. අදහස් ප‍්‍රකාශ කිරීමේ එකම මාර්ගය භාෂණය පමණක් නම් කතිකයාට සිය ශ‍්‍රාවකයා තෝරා ගැනීම හා සීමා කිරීම කළ හැකිය. එහෙත් අද ලිඛිත වචනය ලේඛකයාගේ කාල හා අවකාශ වශයෙන් දුරස්ථ පාඨකයා කරාද යන්නකි. අසන්නන්ට කථිකයාගෙන් පැහැදිලි කර ගැනීම් ලබාගත හැකි වෙතත් ලිඛිත වචනය විසින් කථික-ශ‍්‍රාවක දෙපිරිස දුරස්ථ කොට ඇති බැවින් අසන්නට කථිකයාගේ පණිවිඩය ‘‘තම නැණ පමණක්’’ වටහා ගැනීමට සිදුවේ. මේනිසා පණිවුඩය අනවශ්‍ය අය අතට පත්වීමේ අවාසිය කථිකයාට අත්විඳීමට සිදුවේ. එමෙන්ම පාඨකයා එය සාවද්‍ය වටහා ගැනීමද සිදුවිය හැකියි. අදාල තොරතුරු නියමිත පිරිස් අතට පත්වේද, එය ඒ අය නිවැරදිව ග‍්‍රහණය කරගනිත්ද යන්න තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේදී අපගේ අවධානයට යොමුවිය යුතුය. නොඑසේනම් විකෘති දැනුම සමාජගත වීමේ අනතුරට සමස්ථ සමාජයටම මුහුණදීමට සිදුවීම නොවැළැක්විය හැකියි.

පුනරාවර්ථන මෙන්ම ප‍්‍රාග්ධන වියදම් වෙනුවෙන්ද ආණ්ඩුව වැය කරනුයේ ජනතාවගේ මුදල්ය. එමෙන්ම රටේ සංවර්ධන වැඩකටයුතු සඳහා වැය කරන්නේද ජනතාව සතු මුදල්ය. මේ අයුරින් බලන විට රටේ සෑම කටයුත්තක් සඳහාම ජනාධිපතිවරයාගේ පටන් රාජ්‍ය සේවයේ සිටින කම්කරුවා දක්වාම වැටුප් ගෙවන්නේද ජනතා මුදල්වලිනි. රටක මුදල් ආණ්ඩුව පළාත්සභාව, හෝ පළාත් පාලන ආයතන, විසින් වියදම් කරන ආකාරය දැන ගැනීමේ අයිතිය ජනතාවට ඇත. එහෙත් අප රට තුළ එම ආයතනවලට මුදල් වෙන්වන අයුරු  හා ඒවා වියදම් වන්නේ කුමන අයුරින්ද යන්න දැනගැනීමට අතීතයේ අවස්ථාවක් ලැබී තිබුණේ නැත. ¥ෂණ, වංචා, අක‍්‍රමිකතා කොතෙක් තිබුණද ඒ පිළිබඳව තොරතුරු මාධ්‍ය ඔස්සේ මිස ඍජුවම අදාල ආයතනවලින් විමසීමේ හැකියාවක් ද නීතිමය වශයෙන් මෙතෙක් කාලයක් ජනතාවට නොතිබිණි. තොරතුරු දැනගැනීමේ අයිතිය රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වන එක් විශේෂ කරුණක්වන අතර එවන් පනතක කාලීන අවශ්‍යතාවය ඉස්මතුවිය. ඉන් පසුව එය සම්මත කර ගැනීමට ලැබීමද අප සතු විශාල භාග්‍යයකි. මේ වනවිට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමේ අයිතිය තහවුරු කර තිබේ. තොරතුරු ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය බලාත්මක කිරීම මගින් අමාත්‍යංශ ඇතුලූ රජයේ ආයතනවල විනිවිද භාවයක් ඇතිවේ. මෙය තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරවීමට ප‍්‍රධානතම සාධකයයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සක‍්‍රීයව බලාත්මක කිරීම, පැවරෙන්නේ ජනමාධ්‍ය ඇමතිවරයාටය. ඒ අනුව මධ්‍යම ආණ්ඩුවේ පළාත් සභා හා පළාත් පාලන ආයතන සහ ඒවා යටතේ ඇති සංස්ථා, මණ්ඩල සහ දෙපාර්තමේන්තුවල තොරතුරුවලට ප‍්‍රවේශම්වීමේ අයිතිවාසිකම රටේ සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය. එහෙත් පනත් කෙටුම්පතකට අනුව ඉහත කී තොරතුරුවලට ප‍්‍රවේශවීම ප‍්‍රතික්ෂේප කළ හැකි, නැත්නම් මහජනතාවට හෙලිකිරීම තහනම් කරන තොරතුරු වර්ගද තිබේ. තහනම නොතකා, එවැනි තොරතුරු හෙලිකරන පුද්ගලයන්, මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වසර දෙකක සිරද`ඩුවමකටද යටත් කළ හැක.

පනත් කෙටුම්පත යටතේ තොරතුරු හෙළි කිරීම වරදක් ලෙසට ගැනෙන කරුණු මෙසේය. රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවට හෝ ජාතික ආරක්ෂාවට බරපතල ලෙස අගතිදායක තොරතුරුද එම තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම් හෝ බැඳීම් විසින් රහසිගතව ලබාදුන් හෝ රහසිගතව ලබාගත් අවස්ථාවක එම තොරතුරු හෙළිකිරීම, නීතිමය අනුප‍්‍රමාණ හෝ විදේශ හුවමාරු ගණුදෙණු පාලනය කිරීමට අදාළ තොරතුරු හෙලිකල නොහැකිය. එමෙන්ම බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට අදාල තොරතුරු, බදු පැනවීම හා භාණ්ඩ සහ සේවාවල මිළ ස්ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත් පිරිවැය හා වේතන අනුප‍්‍රමාණ, වැටුප් සහ අනෙකුත් ආදායම් පිළිබඳ තොරතුරුද යමෙකු ඉල්ලා සිටියහොත් ඒවා හෙළිකිරීම වරදකි. වාණිජ රහස්, වෙළඳ රහස් හෝ බුද්ධිමය දේපළ ඇතුලූ තොරතුරුද හෙළිදරව් කිරීමද, ලිත අනුමැතිය නොමැතිනම් යම් තැනැත්තෙකුගේ වෛද්‍ය වාර්තා පිළිබඳ තොරතුරු හෙළිකිරීමද පනත් කෙටුම්පත යටතේ වරදකි.

රාජ්‍ය ආයතන විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළබඳ කටයුත්ත නිසි පරිදි සිදුකරන්නේද යන්න අධීක්ෂණය කිරීම පෙරකී කොමිෂන් සභාවේ වගකීමකි. ඉල්ලා සිටින ලද තොරතුරු නියමිත වේලාවට නොලැබීම නිසා පුරවැසියෙකුගෙන් අයකළ ගාස්තුව යළි ඔහුට ලබාදෙන ලෙස රාජ්‍ය ආයතනයකට හෝ තොරතුරු සැපයීමේ නිළධාරියාට විධානය කිරීමේ බලයද, කොමිෂන් සභාව සතුය. මහජනතාවට තොරතුරු ලබාදීම පසහු කරවීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු නිළධාරියෙකු හෝ ඊට වැඩි ගණනක් හෝ පත්කළ යුතුය. තොරතුරු ඉල්ලා සිටීමට හේතු කිසිවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නැත. ඉල්ලා සිටින තොරතුරු වැඩ කරන දින දාහතරක් ඇතුළත සැපයීමට තොරතුරු නිළධාරියා බැඳී සිටියි. එහෙත් යමකු තම ජීවිතය හා පුද්ගලික නිදහස සම්බන්ධව තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක පැය හතලිස් අටක් ඇතුළත තොරතුරු නිළධාරියා ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුය. එහෙත් ඉල්ලා සිටින්නේ විශාල වාර්තා ප‍්‍රමාණයක් නම්, එකී තොරතුරු සොයා බලා නගරයෙන් පිටත ස්ථානයක පිහිටා ඇති කාර්යාලයකින් ගෙන්වා ගැනීමට සිදුවේ නම් ඒ සඳහා දින විසිඑකකට නොවැඩි කාලයක් දීර්ඝ කිරීමේ අවස්ථාව තොරතුරු නිළධාරියා සතුය.

ඉල්ලා සිටින තොරතුරු සැපයීම සිතාමතා අවහිර කරන, වැරදි සහගත, අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරන, තොරතුරු වසන් කරන අවස්ථාවේදී එකී පුද්ගලයන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කර හැකියි. මෙම පනත යටතේ ‘‘තොරතුරු’’ යන වචනයද නිර්වචනය කර තිබේ. ඒ අනුව තොරතුරු ලෙස අර්ථ නිරූපණය වන්නේ සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල් මත උපදේශ, මාධ්‍ය නිවේදන, චක‍්‍රලේඛන, ලොග්පොත්, ගිවිසුම්, වාර්තා, ප‍්‍රවෘත්ති පත‍්‍ර, චිත‍්‍ර, රූපසටහන්, රූපමය හෝ ප‍්‍රස්ථාරමය වැඩ හෝ ඡුායාරූප සේයාපට, වීඩියෝ පට, මගින් කියවිය හැකි වාර්තා, පාරිසරික වාර්තා ඇතිවේ. කෙසේවෙතත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ විවිධ අදහස්, මති මතාන්තර ඉදිරියේ දී සමාජයේ විද්වතුන් අතරද කතාබහට ලක්වනු ඇත. එවැනි පසුබිමක් තුළ ජනතාවට පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් මවා ගැනීමට ඉඩකඩ විවර වනු ඇත.

නිර්මාණී කොළඹගේ 

No comments:

Post a Comment

Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka

  Special Cultural Traditions of the Sinhala Hindu New Year in Sri Lanka. The "Sinhala Hindu New Year" is one of the most import...